Sunday 5th of July 2026

English Tamil
Advertiesment


සියලු දෙනාගේ අයිතිවාසිකම් සුරක්ෂිත නව ගමනකට සැමට ආරාධනා


2026-07-05 1252

 

- විපක්ෂ නායක - 

 

අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය ඇති බවත් මේවා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන කුළුණ තුන වන විට ස්වාධීන නිදහස් මාධ්‍ය හතරවැනි කුළුණ ලෙසත් පස්වැනි කුළුණ ලෙස සිවිල් සමාජ ව්‍යාපාරය ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමේ ප්‍රධාන කුළුණක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අප රටේ සමස්ත සිවිල් ව්‍යාපාරවල අරමුණ කුමක් වුවත් මේවා සියල්ල ඒකරාශී කර පොදු අරමුණක් කරා යමින් ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ජාතික මෙහෙවරකට වැඩපිළිවෙළක් කරා මුල පුරන බවත් ලබන සදුදා දින පෙ.ව.9.00ට එය ලක්ෂ්මන් කදිරගාමර් ආයතනයෙන් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී සිවිල් සමාජ නියෝජිතයන් සමග පැවැති හමුවකදීය

අයිතිය පිළිබඳව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය අනුව කතා කරද්දි සමහර පාර්ශ්ව ලිබරල් දක්ෂිණාංශික මත දරමින් එය සිවිල් හා දේශපාලන අයිතිය විය යුතු බව කියන විට වාමාංශික කොටස් එහි වැඩි බර ආර්ථික, සමාජීය හා සුබසාධන අයිතියට ලබා දෙන බවත් මේ අයිතීන් සමූහයම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය හරහා ලෝකයට පිළිගත් නිසා මැද මාවත විශ්වාස කරන සමගි ජන බලවේගය වමත් දකුණත් පෙන්වා දෙන අයිතිවාසිකම් සියල්ල පෙරදැරි කර ගෙන ඉදිරියට යාම සුදුසු බවට විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

එම නිසා මේ වැඩපිළිවෙළ තුළ පක්ෂග්‍රාහී බවක් නොමැති බවත් සියලු දෙනාගේ මතයට අවස්ථාව ලබා දී සිවිල් හා දේශපාලන අයිතිය සේම ආර්ථික සමාජීය සෞඛ්‍ය අධ්‍යාපන සුබසාධනය ආදී සියලු අයිතිය වෙනුවෙන් කැපවෙන ජාතික සංවිධානයක් ගොඩනගන බවත් පක්ෂ භේදයෙන් ජාති ආගම් භේදයෙන් තොරව සියලු සිවිල් සමාජ ක්‍රියාකාරීන් එකට එකතු කර ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන ප්‍රගතිශීලි නව දැක්මක් කරා යන බවත් ඒ සඳහා එක්වන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Advertiesment